2011-10-27

WPF කුප්පි 1 - (හැඳින්වීම)

WPF කියන්නේ මයික්‍රොසොෆ්ට් ලගේ UI Framework එකක්. මේකෙන් පුළුවන් සිරා User Interfaces හදන්න. Windows Forms වලට වඩා WPF වලින් මාරම වැඩ කෑලි ටිකක් දාන්න පුළුවන්. මේකේ User Interfaces හදන්න ගන්නේ XAML (Extensible Application Markup Language - " සැමල් " කියල උච්චාරණය කරන්නේ) කියල එකක්. Coding කරන්න ගන්නේ  C# හරි  VB languages.

WPF application හදන්න පුළුවන්  Visual Studio සහ  Expression Blend කියන සොෆ්ට්වෙයාර්ස් වලින්. User Interface හදද්දී  Expression Blend පාවිච්චි කරනවා නම් ගොඩාක් ලේසියි. Expression Blend වලින් coding කරන්නත් පුළුවන්. හැබැයි සමහර Coding කරන කොට Visual Studio පාවිච්චි කරනවා නම් හොදයි. කොටින්ම කියනවා නම් User Interface Expression Blend වලින් හදල Coding කරද්දී Visual Studio වලින් කරන්න.

WPF ගැන ඉගෙන ගන්න පුළුවන් Websites ටිකක්
http://www.kirupa.com/blend_wpf/index.htm
http://www.wpftutorial.net/Home.html


WPF ගැන ලියැවිලා තියෙන පොත් ටිකක් 
WPF 4 - Unleashed
WPF Control Development Unleashed
Windows Presentation Foundation - Unleashed 
Application = Code + Markup
Essential Windows Presentation Foundation
Foundations of WPF: An Introduction to Windows Presentation Foundation
Pro WPF in C# 2008
Foundations of WPF: An Introduction to Windows Presentation Foundation


හරි..... දැන් WPF ගැන පොඩි අවබෝධයක් එන්න ඇති. මම ඊලග පෝස්ට් ඒකෙන් (WPF කුප්පි 2 ) "Hello world" WPF Application එකක් හදන්නම්.

2 comments:

  1. This is great මචන්... very helpful..

    ReplyDelete
  2. elakirineeee digatama karagena yanna mata igena ganna asai

    ReplyDelete

මචන්ලා.... comments ටිකක්................